ෆුල් බොඩි චෙකප්

ඕන්න හා හා පුරා කියලා ලිපියක් ලියන්න කියලා ආවා හරිමග පැත්තේ.

අපි සාමාන්‍යයෙං සම්පූර්ණ ශරීර පරීක්ෂාවක් (එහෙමත් නැත්තං Full Body Checkup එකක්) කර ගන්නෙ නෑනේ. ඒත් එහෙම ඉන්න එපා. මොකද දන්නවද? වයස අවු 30 ව්තර වෙද්දි එහෙම එකක් කර ගන්න එක ඇඟට ගුණයි. ඔය කාලෙනේ රස්සා වලට හිර වෙලා, ඇඟට කිසි ව්‍යායාමයකුත් නැතුව, වෙලාවක් කලාවක් නොබලා වැඩ කරන්න ගන්නේ. ඉතිං අපිට නොදැනීම අපේ සෞඛ්‍ය තත්වය පි‍රිහෙනවා. කාට හරි මේ දැං හිතෙන්න පුලුවං “ඉතිං මොන පරීක්ෂාව කලත් වැඩක් ‍තියෙනව ඇයි!” කියල. ඇත්ත! මොන පරීක්ෂාව කලත් අපේ සෞඛ්‍යය නම් හරි යන්නෙ නෑ තමයි! හැබැයි ඒක එහෙම උනාට, අපිට සෞඛ්‍යය තත්වය ගැන මීට වඩා හිතන්න නම් ඒ වගේ පරීක්ෂාවකින් ලැබෙන ප්‍රතිථල හරිම ප්‍රයෝජනවත්.

මම එක උදාහරණයක් දෙන්නම්. සරලවම හිතමු අපේ Body Mass Index (BMI) එක අවුල් ගිහින් කියල (අවුල් කියල කිවුවට ඉතිං ඕක වැඩි වෙන එක තමා ගොඩක් වෙන්නේ. ඒ කියන්නේ අපි පමණට වඩා ස්ථූල වෙන එක). කන කෑම ගැන දෙපාරක් හිතන්න වගේම පොඩ්ඩක් ව්‍යායාම කරල නිරෝගීව ඉන්න ඕනෙ කියල එතකොට හිතට දැනෙනවා.

මේ පරීක්ෂාව මගින්, ඉදිරියේදී ඇතිවීමට අවදානම් රෝග ගැනත් ඉඟි ලැබෙනවා. ඉතිං කල් තියාම ඒ ගැන කල්පනා කාරී උනාම, අපිට ටිකින් ටික අපේ ජීවන රටාව හදා ගන්න පුලුවං වෙනවා. අපි කන කෑම වල තියෙන විෂ ඉවත් කරන්න අක්ම‍‍ාව ප්‍රධානයි නේ. අක්මාව ආශ්‍රිත රෝග ලක්ෂණ වගේ දේ කලින් අඳුනා ගැනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජන බොහොමයි.

 

No Comments, Be The First!

Your email address will not be published.