වැරැද්දක් දුටුවාද?

අපිට සමහර වෙලාවට රටේ, ලෝකේ, රැකියා ස්ථානයේ ව‍ගේම අපේ පවුල ඇතුලතත් විවිධ අවස්ථාවන් වල විවිධ ආකාරයේ වැරදි පෙනෙන්නට පුලුවන්. ඒ වෙලාවල් වලදී නිසැකවම එම වැරැද්ද නිවැරදි කර ගත යුතුයි නේ. ඉතිං අපි ගොඩක් දෙනක් එහෙම වැරදි නිවැරදි කරන්න යද්දී වෙන වැරුද්දක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ.

වැරැද්ද තමයි හෝස් ගාලා එක පාරටම හිතට හදිසියේ එන වචන වලිං කියල දාන එක. ඔයා කැමති නෑනෙ වෙන අය ඔයාගෙ වැරදි කිය කිය යන එක ‍නේද? ඒ වගේම තමයි අනිත් අයත්. තමං කොච්චර වැරදි උනත් අපි බලන්නේ අපි හරි වෙන්නේ කොහොමද කියල නේද? ඒක තමයි ගොඩක් දෙනෙක්ගෙ ස්වාභාවය.

අනික් අතට ගත්තොත්, රැකියා ස්ථානයේ වගේ තැනක කිසියම් ගැටලුවක්/ වැරැද්දක් අපි දැකල අපි නිකම්ම වැරැද්ද ගැන ඉහල නිලධාරීන්ට කිවුවොත් ඒක එයාල‍ට තියෙන ප්‍රශ්ණ වලට තවත් ප්‍රශ්ණයක් එකතු කලා‍ වෙනවා. අපි හෙලිකරන ප්‍රශ්ණය මොන තරම් වැදගත් උනත් ඉහල නිලධාරීන්ගේ මනසට යන්නේ අපි ප්‍රශ්ණ ‍ගේන කෙනෙක් හැටියටයි.

එහෙනං කොහොමද අපි වැරද්දක්/ප්‍රශ්ණයක් හෝ එවැනි වෙනයම් දෙයක් ඉදිරිපත් කරන්නේ? පිළිතුර ඉතාම සරලයි. අපිට කරන්න තියෙන්නේ අපි ගැටලුවක් කියල හි‍තෙන දේ සහ ඒ ගැටලුවට අපිට තේරෙන ආකාරයට විසඳුමකුත් එක්ක ගැටලුව/වැරැද්ද ඉදිරිපත් කරන එකයි. එතකොට අපි විසඳුම් ඉදිරිපත් කරන අය වෙනවා. ඒක බොහොම හොඳ දෙයක් සහ අනෙක් අයත් ඒකට ඉතාම කැමතියි.

ඉතිං අපිත් අද ඉඳං ගැටලු දෙන අය නොවී විසඳුම් දෙන අය වෙමු!

No Comments, Be The First!

Your email address will not be published.