රූපවාහිනී දේශපාලන සංවාද? 1 කොටස

දේශපාලන සංවාද කියන්නේ ඉතිං කවදත් කවුරුත් උනන්දුවෙන් බලන රූපවාහිනී වැඩසටහන් නේ. ඒත් මේ වැඩසටහන් වල තියෙන ලොකුම අඩුපාඩු කිහිපයක් වගේම ඒ අඩුපාඩුව හදාගෙන, වැඩසටහන අර්ථවත් කර ගන්නේ ‍ කොහොමද කියල තමයි අද අපි කතා කරන්න යන්නේ.

එක අඩුපාඩුවක් තමයි, සංවාදයට බඳුන් කිරීමට බලාපොරොත්තු වන මාතෘකා අපැහැදිලි වීම. විසඳුම තමයි ඒවා පැහැදිලි ලෙස තිරයේ දර්ශණය කිරීම. සාකච්චාව ආරම්භයේදී ප්‍රති විරුද්ධ පාර්ශව මගින් ඒ කාරණා විමසා, හසුරවන්නා හරහා රූපවාහිනී නාලිකාවට සටහන් තබා ගත හැකියි. කිසියම් අයුරකින් සංවාදය අදාල මාතෘකා වලින් පිට ගියහොත් වහාම සංවාදය හරි මග කරා ගෙන්වා ගැනීමට එයින් හැකිවේවි.

තවත් අඩුපාඩුවක් විදිහට මම දකින දෙයක් තමයි, සංවාදයට බඳුන් කරන මාතෘකාවට අදාලව කෙරෙන චෝදනා වලට නිසි පිලිතුරක් ප්‍රති විරුද්ධ පිලෙන් නොලැබීම. ‍කවුරු හරි ප්‍රශ්ණයක් ඇහුවම, ඒකට පිලිතුරු නොදී, යන්නේ කොහෙද මල්ල‍ෙ පොල් උත්තර දීල ශේප් වෙන්න කවුරු කවුරුත් දක්ෂයි. මේ සඳහා කල යුතු පිළියම වන්නේ රූපවාහිනී නාලිකාව මගින් එම ප්‍රශ්ණය කාටත් පෙනෙන පරිදි සුදුසු පරිදි දර්ශණය කිරීමයි. ඒ සඳහා නිසි පිලිතුරක් ලැබුණු විට එය පිලිතුරු ලැබුණු ගැටලුවක් ලෙස සලකුණු කිරීම කල හැකියි. එසේ නොමැති උනොත් වෙන්නේ මුලින් පිලිතුරු දුන් ප්‍රශ්ණ නැවතත් ඇසීමට ඉඩ සැලසීමයි.

සංවාද වල තියෙන ලොකු ගැටලුවක් තමයි කාලය. සමහර වෙලාවට ඒ කාලය හිතා මතා ම කා දමන අවස්ථා ද නැතුවාම නෙවේ. මේකට සරල විසඳුම් තමයි…

1. සංවාදයට බඳුන් කරන කාරණා වලට නියමිත කාලයක් නියම කිරීම. එය කල යුත්තේ මෙහෙමයි. උදාහරණයක් ගත්තොත් අපි හිතමු කිසියම් ප්‍රශ්ණයකට විනාඩි 15ක් වෙන් තිබුනොත්, ප්‍රශ්ණය අසන්නාට විනාඩි 2ක් දිය හැකියි. එයට පිලිතුරු දීමට ප්‍රති විරුද්ධ පිලට විනාඩි 8ක් දිය හැකියි. පිලිතුරු දෙන අතරමග අතුරු ප්‍රශ්ණයක් ඇසීමට අවශ්‍ය නම් පලමු පිලට තවත් විනාඩි 2ක් සහ එයට පිලිතුරු දීමට විනාඩි 3ක් දිය හැකියි. තමන්ට ඇති කාලය දන්නා නිසා පිළිතුර කාලානුරූපීව සකස් කර ගත යුතුයි.

2. කිසියම් කාරණාවක් සඳහා එක් පුදිගලයෙකුට පිලිතුරු දීමට ඇත්ත වශයෙන් ම කාලය මදි වූ විට ඒ පිලේම වෙනත් අයෙකුට වෙන් කර ඇති කාලයෙන් සුලු ප්‍රමාණයක් ඉල්ලා ගත හැකියි.

3. ඒ ඒ පුද්ගලයින් අදාල ගැටලු වලට පිලිතුරු දීමේදී ඉතිරි කාලය දර්ශණය කිරීම

තවත් කොටසක් බලාපොරොත්තු වන්න. ස්තුතියි.

 

No Comments, Be The First!

Your email address will not be published.