ආයුබෝවන්

කාලයක් තිස්සෙ ( අවු. 3-4ක් විතර) හිතේ තියං හිටපු දෙයක් කර ගන්න පුලුවං උනේ අද තමයි. ඒ වෙන මොකවත් නෙවේ, මේ වෙබ් සයිට් එක දා ගත්තු එක. පණ්ඩිතයට ඒදණ‍්ඩෙ යන්න බෑ කියනවනෙ. WordPress හරි Drupal හරි Joomla හරි වෙන මොනව හරි CMS එකක් දාගෙන Blog එකක් හදා ගන් නැතුව Blog එකක් මම ම design කර ගන්න ගිහින් තමයි මේක මෙච්චර පරක්කු උනේ. කොහොම හරි දැං මේක දා ගත්ත නේ. ඒ නිසා, මේ Blog එකේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද කියල හා හා පුරා කියල කියන්නං.

එදිනෙදා ජීව්කයේදී වගේම අපේ රටේ, ගමේ, නගරයේ යද්දි මට නානාප්‍රකාර දේවල් හිතෙනව. පොඩි පොඩි දේවල් හැබැයි මට හිතෙන විදිහට ජීවිතයට ඉතාම වැදගත් දේවල්. ඉතිං මේ පොඩි පොඩි දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මේ Blog එක හදා ගත්තේ.

අද ඉඳං ඉදිරියට පුලුවං පුලුවං වෙලාවට Blog posts දාන්න බලාපොරොත්තු වෙන ගමං අදට මං සමු ගන්නව. ජය වේවා!

 

No Comments, Be The First!

Your email address will not be published.